සලේ යළි රැඳවුම් භාරයට

0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ නඩුවේ 3 වන සැකකරු වන රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් ලබන මැයි මස 20 දා දක්වා තවදුරටත් රැඳවුම් භාරයේ තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22දා) නියෝග කළේය.

ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්‍ෂණවල ප්‍රගතිය මැයි මස 20 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා ඊයේ (22දා) දැඩි ආරක්‍ෂක රැකවල් මැද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මෙම නඩුකරයේ තුන්වන සැකකරු ලෙස සුරේෂ් සලේ නම්කර ඇත.

ඒ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් නඩු දිනයේදී අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව සැකකාර සලේ මහතා ඊයේ පැවැති නඩු විභාගයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.


ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!