බිළිඳාගේ මරණයට ත්‍රිමලේ දොස්තරලා 2 කගේ වැඩ තහනම්

0

අප්‍රේල් 09 දා, රට පුරා වෛද්‍ය වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පැවැති ඒ අවස්ථාවේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලෙහි සූතිකාගාරයේ දී අලුත උපන් බිලිඳෙකු මිය ගියේය. ඒ සිදුවීම සමස්ත රටම කලඹාලූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂණිකව විමර්ශනයක් ආරම්භ කළේය.

ඉන් අනතුරුව, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරිය, යන නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම තීරණය  ප්‍රකාශ කරන ලදී.

කැපී පෙනෙන කරුණක් නම්, වැඩ තහනමට ලක් වූ විශේෂඥ වෛද්‍යවරයා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සභාපතිවරයා ද වීමයි.

විමර්ශනයෙන් හෙළිදරව් වූ බරපතළ චෝදනා:

බිලිඳාගේ ස්වාස්ථ්‍ය තත්ත්වය ගැන, වාට්ටු භාර වෛද්‍යවරිය අවස්ථා හයකදී දුරකථනයෙන් දැනුම් දුන් නමුත් ඔවුන් රෝහලට පැමිණ නොමැත.

මෙලෙස දැනුවත් කළ ද නොපැමිණීමෙන් රාජකාරිය හානිකරව පැහැර හැරීම සිදු වී ඇත.
ප්‍රමාදය හේතුවෙන් ගර්භාෂය තුළ සිටි දරුවාට මාරාන්තික අනතුරට ඉඩ සලසා ඇත.

ඊටත් අමතරව, එම කාලසීමාව ඇතුළතම ආසන්නයේ ඇති පෞද්ගලික රෝහලක රෝගියෙකුගේ සිසේරියන් සැත්කමකට සහභාගී වී ඇති බව ද සොයා ගෙන ඇත.

රජයේ රෝහලේ රෝගීන් අතහැර, ඒ අතරතුරේදීම පෞද්ගලික රෝහලක ශල්‍ය කර්මයකට සහභාගී වීම ඇතුළු මෙම චෝදනා, 

රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව ගැන බරපතළ ප්‍රශ්න මතු කර ඇත.
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!