අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්: නාය යාම් සහ ගංවතුර අවදානම තවදුරටත්

0

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, නාය යාම් අවදානම් තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. මේ දක්වා ආපදා මරණ 159ක් වාර්තා වී ඇති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයින් 203 දෙනෙකු අතුරුහන් වී ඇති බවයි.

එල්.ඒ.එස්. සූරියබණ්ඩාර - වාරිමාර්ග ජල විද්‍යා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂක ඉංජිනේරු
"විශේෂයෙන් කැලණි ගඟේ හංවැල්ල ජල මිනුම් මාපකය අඩි 10.9කට ආසන්නයේ පවතින්නේ. මේ නිසා හංවැල්ලට පහළ ඇති ප්‍රදේශවල තවදුරටත් ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතිනවා.

නාගලගම් වීදියේ ජල මාපකය අඩි 7ක මටටමේ පවතින්නේ. මේ නිසා සියලු දෙනා අවධානයෙන් සිටීම වැදගත්. අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපකයට අනුව, තවමත් අධිගංවතුර තත්ත්වයක තියෙන්නේ.

ගම්පහ සිට පහළ ප්‍රදේශවලට තවමත් ගංවතුර අවදානම තියෙනවා. මහ ඔයේ ජල මට්ටමත් අද උදෑසන වන විටත් තියෙන්නේ අධිගංවතුර මට්ටමක.

මේ නිසා මහ ඔයේ ඉඳලා මීගමුව දක්වා පහත්බිම්වලට තවමත් ගංවතුර බලපෑම තියෙනවා.

මහවැලි ගඟට තමයි වැඩි ම ජල මට්ටමක් ලැබුණේ. මනම්පිටියේ ජල මාපකය ඉක්මවා මහවැලි ගඟේ ජලය ගලා ගෙන ගියා.

මාවිල්ආරූ සොරොව්වට මේ ගලාගෙන එන ජල මට්ටම දරා ගන්න අසීරුයි.

මේ හේතුවෙන් මනම්පිටියේ ඉඳලා පහළ ප්‍රදේශවලට අයත් ත්‍රිකුණාමලය, මුතූර්, කින්නියාව වගේ ප්‍රදේශවල ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යාම වැදගත්.

ඒ වගේ ම, කළු ගඟේ ජල මට්ටමත් ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

මේ හේතුවෙන් කළුතර ප්‍රදේශයේ පහළ බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් තියෙනවා.

ගංවතුර අඩු වුණත් මහජනතාව අවධානයෙන් කටයුතු කරන්න."

'අනාරක්ෂිත ස්ථාන නැරඹීමට පැමිණෙන්න එපා' - පොලිසිය

ගං වතුර සහ නාය යාම් හේතුවෙන් විනාශ වූ ස්ථාන නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය මහ ජනතාවට දැනුම් දෙනවා.

විනාශ වූ මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය සිදු කරන බව ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Under the courtesy of bbc.com/sinhala
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!