මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මගීන්ට ගෙදර යන්න රජයෙන් විශේෂ බස් රථ සේවාවක්

0

සාගරිකා දුම්රිය පීලි පැනීමෙන් සිදුවූ අවහිරය ඉවත් කිරීමට කටයුතු කරමින් පවතින බවත් එක් මාර්ගයක හෝ අවහිර තත්වයන් ඉවත් කොට දුම්රිය ධාවනයේ යෙදවීමට සැලසුම් සකස් කරමින් පවතින බව ත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, කාර්යාල වේලාවට පෙර දුම්රිය ගමනාගමනය යථා තත්වයට පත් කර ගැනීමට නොහැකි වුවහොත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ය.

මරදාන සිට පානදුර දක්වා ප.ව 4:15, ප.ව 4.45, ප.ව 4:55, ප.ව 5:15, ප.ව 5:20, ප.ව 5:45 සහ ප.ව 6:25 දුම්රිය ධාවනය කෙරෙන අතර පානදුර සිට දකුණු කළුතර දක්වා සියලු මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් නොමිලේ සපයා ඇති බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය පැවසීය.

ඉන්පසු මරදානෙන් පිටත් වූ පලමු දුම්රිය වාර තුනෙහි සියලු මගීන් රැගෙන දකුණු කළුතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය පිටත්වන අතර මරදාන සිට පිටත් වූ හතරවෙනි සහ පස්වෙනි දුම්රිය වාරයන්හි මගීන් රැගෙන දකුණු කළුතර සිට මාතර දක්වා දුම්රියක් පිටත් වන බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එමෙන් ම, මරදානින් පිටත් වූ හයවෙනි සහ හත්වෙනි ගමන් වාරයන් හී මගීන් රැගෙන දකුණු කළුතර සිට ගාල්ල දක්වා දුම්රියක් පිටත්වීමට සැලසුම් කොට ඇත.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, ප.ව 6:25ට සියලු දුම්රිය මගීන් හට පානදුර සිට අලුත්ගම දක්වා විශේෂ බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ය.

සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය අද (අප්‍රේල් 24) උතුරු කළුතර හා වාද්දූව දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්විය.

මේ හේතුවෙන් එම ස්ථානයේ මාර්ග දෙකම අවහිර වී තිබිණි.

Under the courtesy of ceylontoday.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!