හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 24) නියෝග කර තිබේ.
මෙම නියෝගය ලබා දුන්නේ, වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා විසිනි.
ඒ අනුව, සැකකරු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කළ බව කියන සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.
