‘තානාපති කාර්යාල උපදෙස් අනුව කටයුතු කරන්න’- රට රැකියා කරන අයට උපදෙස්

0

තමන් සිටින රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ රටේ නිල නිවේදන අනුව කටයුතු කරන ලෙස මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් වෙත විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා සිටියි.

එසේ ම, පිරිස එකතු වන තැන්වලට නොගොස් සිටින ලෙස ද අත්‍යවශ්‍ය නොවන සංචාර සිදු කිරීමෙන් වළකින ලෙසත් දන්වා සිටී.

මැද පෙරදිග ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය හමුවේ එම උපදෙස් ලාංකිකයන් වෙත ලබා දී තිබේ.

තමන්ගේ ජංගම දුරකතන චාජ් කරගෙන සිටින ලෙසත් සෑමවිට ම වලංගු ලේඛන සහ හැඳුනුම්පත් රැගෙන ගමන් කරන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශය උපදෙස් දෙන අතර හදිසි අවස්ථාවල කටයුතු කිරීමට සියලුම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පැය 24 පුරාම කටයුතු කරන බවත් කියයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ 0742595546 යන කොන්සියුලර් අංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ 0719802822 යන අංක විමසීම් සඳහා මෙරට සිටින පවුල්වල සාමාජිකයන් වෙත ලබාදී ඇත.

එම අංක පැය 24 පුරා ම ක්‍රියාත්මක බව ත් අමාත්‍යාංශය සඳහන් කළ අතර ක්ෂණික දුරකතන අංකය 1989 වේ.

මෙරට සිට ඩුබායි, කුවේට්, දෝහා, රියාද් ඇතුළු මැදපෙරදිග බලා යන ගුවන් ගමන් වාර 43ක්ද, මැදපෙරදිග තත්ත්වය හමුවේ ඊයේ (මාර්තු 1) තාවකාලිකව නැවැත් වූ බව කටුනායක ගුවන්තොටුපොළ සඳහන් කළේය.

Under the courtesy of ceylontoday.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!