ත්‍රස්ත ප්‍රහාරයට හසුවූ ඉරාන නෞකාවේ පිරිස කරාපිටිය රෝහලට

0

ගාලු වරායේ සිටි මුහුදු සැතපුම් 40ක් දුරින් ශ්‍රි ලංකා මුහුදු සිමාවේදි  ත්‍රස්ත ප්‍රහාරයකින් විනාශවු Iris Dena නමැති ඉරාන  නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි නාවිකයින් 32  අද(04)  දහවල් ගාල්ල වරායට ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුලත් ඇතුළු කළබව නාවික හමුදා නිලධාරියෙකු  පැවසීය.

තුවාලකරුවන් කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන ලද අතර  රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම 32දෙනාගෙන් හතර දෙනෙකුගේ තත්වය අසාධ්‍ය බවය.

මේ අතර මළ සිරුරු 28ක් ගොඩ බිමට ගෙන එමින් තිබිණ.අනතුර සිදුවන විට නැවේ 140ක කාර්ය මණ්ලයක් සිට ඇති අතර මියගිය සංඛ්‍යාව මෙයට වඩා වැඩිවිය හැකි බවද නාවික හමුදාවේ නිලධාරියෙක් පැවසිය.

සිද්ධිය වාර්තා විමත් සමග දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරින් විසින් මුදවා ගැනිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තුවාල කරුවන් ගොඩ බිමට ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුලත් කළේය.

මෙතෙක් කරන ලද පරික්ෂනවලදි අනාවරණයවි ඇත්තේ මෙම නැව ආරක්ෂාව පතා ඉන්දියාවට ගොස් ඇති අතර ඉන්දියාව බාර නොගැනිම නිසා ආපසු ඉරානය බලා යාත්‍රා කරමින් සිටියදි සබ්මැරින් ප්‍රහාරයකට ගොදුරුවි ඇති බවය.

නාවික හමුදා නිලධාරියෙකු පැවසුවේ සබ්මැරින් ප්‍රහාරයෙන් නැව සම්පුර්ණයෙනම සුණු විසුනුවි ඇති බවය.

මේ අතර  ඉරාන තානාපති කාර්යාලයේ ඉහල නිලධාරින් දෙදෙනක්ද අද පස්වරුවේ  කරාපිටිය රෝහලට පැමිණ තුවාලකරුවන්ගේ තත්වය විමසා බැලීය. 

Under the courtesy of lankadeepa.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!