අසල්වැසි නිවසකට රාත්‍රියේ තට්ටු දමා වැටී සිටි බීමත් සැමියාව බිරිඳ කණුවක ගැට ගසා ඉදලකින් ගසා ඝාතනය කරයි

0

කාන්තාවක් විසින් සිය සැමියා කණුවක ගැට ගසා ඉදලකින් පහරදී ඝාතනය කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ සල්උයන් ජනපදය, බොරලු‍ගොඩ පදිංචි 32 හැවිරිදි අත්තනායක මුදියන්සේලාගේ ගාමිණි පත්මකුමාර නැමති පුද්ගලයෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අසල නිවසකට රහසේ අලුයම 1.00 ට පමණ ඇතුල්වී දොරට තට්ටුකර කරදර කර ඇති අතර අධික බීමත්ව සිටීම හේතුවෙන් එම නිවස ඉදිරිපිට වැටී ඇත. අනතුරුව නිවෙස් හිමි කාන්තාව අලුයම 4.00ට පමණ එම පුද්ගලයාගේ නිවසට ගොස් බිරිඳට මේ පිළිබඳව පවසා ඇත. බිරිඳ පැමිණ බැලීමේදී එම නිවසේ කොරිඩෝවේ වැටී සිටි ඔහු පරුෂ වචන කියමින් බැන වදිමින් සිටිනු දැක ඇය එම ආසන්නයේ තිබූ ඉදලකින් පහරදී ඇති අතර පසුව කාන්තාවන් දෙදෙනා එක්ව කොරිඩෝවේ පිහිටි කණුවක දෑත් පිටුපසට වන්නට ගැට ගසා නැවත ඉදලෙන් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බව පරීෂණවලදී අනාවරණය වී ඇත.

මියගිය අයගේ බිරිඳ රාත්‍රී ඇඳුමෙන් පැමිණ තිබූ අතර නැවත නිවසට ගොස් වෙනත් ඇඳුමක් පැළඳ පැමිණ බැලීමේදී පහර දුන් සිය සැමියා මරණයට පත්වී ඇති බව දැන ගැනීමෙන් අනතුරුව ගැට ගසා තිබූ රෙදි කැබැල්ල පිහියකින් කපා ඇත. සැකකාර බිරිඳ සහ අසල නිවසෙහි කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත. හොරණ වැඩ බලන මහේස්ත්‍රාත් සුසන්තා කරුණාරත්න මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදු කරන ලදී. වැඩිදුර පරීක්ෂණ හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පො.ප. පාදුක්ක මහතාගේ අධීක්ෂණයෙන් සිදුවේ.

Under the courtesy of divaina.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!