ඔහු මේ බව සඳහන් කළේ, අද (පෙබ. 24) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
“මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජය තවම තීන්දුවකට ඇවිල්ලා නැහැ. එය පුළුල් සංවාදයක් ඇතිවිය යුතු මාතෘකාවකි. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයකට තනිවම තීන්දු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල අපරාධ අඩු ද වැඩි ද කියන එකත් බලන්න ඕනේ. ඒ මොහොතේ සිදුවන බලපෑම සහ මේ පිළිබඳව දීර්ඝ කාලීනව සිදුවන බලපෑම බලන්න ඕනේ. සමාජ විද්‍යාත්මකව, මනෝවිද්‍යාත්මකව, අපරාධ විද්‍යාව අනුව සැලකිය යුතු විෂය ක්ෂේත්‍රයක් පිළිබඳව විශ්ලේෂණය කරලා තමයි රජයක් විසින් මේ තීන්දුව ගත යුතු වන්නේ”
Under the courtesy of ceylontoday.lk