මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරු – කොන්දොස්තර 8ක් කොට්ටාව බස් පළේදී මාට්ටු

0

කොට්ටාව බස් නැවතුම්පළ අසල පෙරේදා (25 දා) සිදු කළ විශේෂ පරීක්ෂාවකදී මත්ද්‍රව්‍ය භාවිත කර මගීන් රැගෙන ගිය බස් රථ සේවකයන් 8 දෙනකු අත්අඩංගුවට ගත් බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා “දිවයින”ට පැවසීය.

මෙහිදී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බස් රථ රියැදුරන් තිදෙනකු හා කොන්දොස්තරවරුන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

පෙරේදා ධාවනයේ යෙදුණු බස් රථවල සේවකයන් 228 දෙනකු පරීක්ෂාවට ලක් කළ බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම රසායනාගාරය යොදාගෙන මෙම පරීක්ෂාව සිදු කළ බව ද ඒ මහතා කීය. මෙම මෙහෙයුම සඳහා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන්ගේ ද සහය ලැබුණු බව ද සැකකාර බස් රථ සේවකයන් කොට්ටාව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව ද ඒ මහතා පැවසීය.

Under the courtesy of ceylontoday.lk


ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!