ට්‍රම්ප්ගේ නිවසට ඇතුළු වීමට ගිය සන්නද්ධ පුද්ගලයෙකු ඝාතනය කරයි

0

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවල පිහිටි මාර්-ඒ-ලාගෝ නිවසේ අධිආරක්‍ෂිත කලාපයට ඇතුළු වූ සන්නද්ධ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි රහස් සේවය පවසයි.

බලධාරීන් පැවසූ පරිදි, එම පුද්ගලයා ගිනිඅවියක් සහ ඉන්ධන කෑන් එකක් රැගෙන යමින් සිටියදී, රහස් සේවා නියෝජිතයන් සහ ප්‍රාන්තය භාර ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු නවතා වෙඩි තබනු ලැබ තිබේ.

එරට වේලාවෙන් ඉරිදා අලුයම 01:30ට පමණ මෙම සිදුවීම සිදු වූ අතර, ඒ වන විට ජනාධිපතිවරයා වොෂින්ටන් ඩීසීහි සිටි තිබේ.

සැකකරු උතුරු කැරොලිනාවේ කැමරන්හි ඔස්ටින් ටී මාටින් ලෙස නම් කර ඇත.

උතුරු කැරොලිනාවේ වෙසෙන ඔහුගේ පවුලේ සාමාජිකයින් ඉරිදා අලුයම ඔහු අතුරුදහන් වී ඇති බවට වාර්තා කර තිබේ.

ඒ අනුව, අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු ෆෙඩරල් බලධාරීන් වෙත භාර දී ඇති බව ෂෙරිෆ් කාර්යාලය පැවසීය.

මාටින් සම්බන්ධයෙන් මීට පෙර වාර්තා හෝ පැමිණිලි ලැබී නොමැති බවත් තමන් ෆ්ලොරිඩා විමර්ශනයට සම්බන්ධ නැති බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ
.
ඔහු උතුරු කැරොලිනාවේ සිට ෆ්ලොරිඩාවට මෝටර් රථය පදවා ගෙන යන අතරතුර ගිනිඅවිය මිල දී ගත්තේ ද යන්න සම්බන්ධයෙන් නිලධාරීහු විමර්ශනය කරමින් සිටිති.

Under the courtesy of bbc.com/sinhala
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!