මේ හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළෙන් අඩු මිලකට ගෑස් මිලදී ගැනීමේ වාසිය ලබාගැනීමේ හැකියාව සමාගම සතුව නොමැති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සතුව කෙරවලපිටිය ගබඩා සංකීර්ණය තුළ ගෑස් මෙට්‍රික්ටොන් 8000ක් පමණක් ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් පවතියි. මාබිම් ගබඩා සංකීර්ණයේ ගබඩා කළ හැකි වන්නේ ගෑස් මෙට්‍රික්ටොන් 400කි.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් මිලදී ගනු ලබන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මාබිම ගබඩා සංකීර්ණයේ ගබඩා කරනු ලබන අතර මෙම ගෑස් කර්මාන්ත අංශයට නිදහස් කරනු ලබයි.
එමෙන්ම ගෑස් සමාගම සතුව සීමිත බෝයා පහසුකම් පැවතීම හේතුවෙන් අඩු මිලකට මහා පරිමාණයෙන් ගෑස් මිලදී ගැනීමට ඇති හැකියාව සීමිත බවද විගණනය මගින් අනාවරණය කර ඇත. ගබඩා ධාරිතාවය පුළුල් කිරීම සඳහා වූ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බැව් ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම විසින් විගණනයට සඳහන් කර ඇත. වර්තමානයේ ශඛ්‍යතා අධ්‍යයනය සඳහා උපදේශකවරුන් තෝරා ගැනීම සඳහා වූ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියෙහි නිරත වන බව ද ගෑස් ලංකා සමාගම විසින් විගණනයට සඳහන් කර ඇත.