අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මේ බව සඳහන් කළේ ය.
පසුගිය 13 වන දා තලංගම, අකුරේගොඩ සුපිරි වෙළෙඳසලක් අසලදී වෙඩි තබා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කෙරිණි.
මෙම ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැනිණි.
Under the courtesy of ceylontoday.lk