හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අද (පෙබ. 11) නියෝග කර තිබේ.
2022 මැයි මාසයේදී පැවති අරගල සමයේදී නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය සිදු කළේ යැයි පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරනු ලැබිණි.
Under the courtesy of ceylontoday.lk