2019 අගොස්තුවලට පෙර ලබා ගත් සියලු ම සිම්පත් යළි ලියාපදිංචි කෙරේ

0

2019 වසරේ අගෝස්තු මස දෙවන දිනට පෙර ලබා ගන්නා ලද සිම් කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල – SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි 2019 වසරේ අගෝස්තු මස දෙවන දිනැති ව ප්‍රකාශයට පත් කර ඇති අතර එකී රෙගුලාසි එදිනෙන් පසුව නිකුත් කරන ලද සිම් කාඩ්පත් සඳහා පමණක් අදාළ වන බව ඊට අදාළව නිකුත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි.

එබැවින් 2019 වසරේ අගෝස්තු මස දෙවන දිනට පෙර ලියාපදිංචි වූ ඇතැම් ග්‍රාහකයින් පිළිබඳ තොරතුරු දුරකතන ක්‍රියාකරු සමාගම් සතුව නොමැති අතර ඒ හේතුවෙන් ඇතැම් නීති විමර්ශන කටයුතුවලදී ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව එහි සඳහන් වේ.

තව ද, වයස අවුරුදු 16 – 17 අතර ග්‍රාහකයින් ලියාපදිංචි කිරීමට සහ මෙරටට පැමිණෙන විදේශිකයින්ට සිම් කාඩ්පත් නිකුත් කිරීමට අදාළ නව විධිවිධාන ද ඇතුළත් කරමින් දැනට ක්‍රියාත්මකව පවතින රෙගුලාසි වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද හඳුනාගෙන ඇති බව ඊට අදාළව නිකුත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි.

ඒ අනුව, 2019 වසරේ අගෝස්තු මස දෙවන දිනට පෙර ලබා ගන්නා ලද සිම් කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සලසමින් සහ දැනට ක්‍රියාත්මක 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල – SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි යෝග්‍ය පරිදි සංශෝධනය කරමින් නව රෙගුලාසි හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!