හින්දි සිනමාවේ 'හී-මෑන්' ලෙස හැඳින්වෙන ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර වයස අවුරුදු 89
දී අභාවප්‍රාප්ත විය.
සිනමා තිරයේ ධර්මේන්ද්‍ර ක්‍රියාදාම තරුවක් ලෙස ප්‍රසිද්ධ වූ නමුත් ක්‍රියාදාම වීරයා සහ හී-මෑන් යන ලේබල්වලින් ඔබ්බට බැලුවහොත්, ධර්මේන්ද්‍රගේ භූමිකාව ඊට වඩා බොහෝ ඉදිරියෙන් තිබේ.
අනුපමා හින්දි චිත්‍රපටයේ ඔහු සංවේදී ලේඛකයෙකු විය; සත්‍යකම් චිත්‍රපටයේ, සමාජය ගැන සැලකිලිමත් වන පරමාදර්ශී මුරණ්ඩු තරුණයෙක්; චුප්කේ චුප්කේ චිත්‍රපටයේ, රසිකයින් සිනා ගැන්වූ මහාචාර්ය පරිමාල්ගේ හාස්‍යෝත්පාදක භූමිකාව ආදිය ඒ අතරින් සමහරකි.
සැබෑ ජීවිතයේදී, ඔහු කවියෙකු, පෙම්වතෙකු, පියෙකු, ලෝකයේ වඩාත් ම කඩවසම් මිනිසුන් අතර, මත්පැන්වලට ඇබ්බැහි වීමෙන් මිදුණු පුද්ගලයෙකු සහ යම් කාලයකදී දේශපාලනඥයෙකු ද විය.
1935 දී ඉන්දියාවේ පන්ජාබ්හි උපත ලැබූ ධරම් සිං ඩියෝල් තම මුතුන් මිත්තන්ගේ ගම්මානය වන නස්රාලි සිට අද මුම්බායි දක්වා පැමිණි ගමන හැඳින්විය හැක්කේ, සිහිනයක් ලෙසිනි.
ඉන්දියාවේ පමණක් නොව, ධර්මේන්ද්‍රට පකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ ද දැවැන්ත රසික පිරිසක් වූහ. ඒ අතර හිටපු පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ද විය.
"නවාස් ෂරීෆ් ඉන්දියාවට ආපු වෙලාවක, මම ඔහුව මුණ ගැසුණා. නවාස් ෂරීෆ් කිව්වා එයාගේ පවුලේ අය කාර් එකෙන් ගමනක් යන ගමන් ඉන්නවා කියලා, එයාලා මගේ ගෙදර ළඟ කාර් එක නැවැත්තුවා. එයා එයාගේ බිරිඳට සහ දරුවන්ට කිව්වා - බලන්න, මේක ධර්මේන්ද්‍රගේ ගෙදර කියලා," ධර්මේන්ද්‍ර එලෙස කියා තිබිණි.
Under the courtesy of bbc.com/sinhala