ගුරුවරු විදුහල්පතිවරු 12 වන දා අසනීප නිවාඩු

0

ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා දිවයිනේ සියලු ම පාසල්වල ගුරුවරු හා විදුහල්පතිවරු ලබන 12 වන දා අසනීප නිවාඩු වාර්තා කර වැඩ වර්ජනයක නිරත වන බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

2026 වසරේ සිට පාසල් කාලය පස්වරු 2:00 දක්වා දීර්ඝ කිරීම වහා නතර කිරීම, ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයෙන් ඉතිරි 2/3 ලබාගැනීම, විදුහල්පති සේවයේ ගැටලු විසඳීම සහ ගුරු-විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ගැටලු වහා විසඳීම යන ඉල්ලීම් මුල්කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ද එම සන්ධානය කියයි.

එදිනට යෙදී ඇති පාසල් අවසාන වාර විභාග කටයුතු වෙනත් දිනයකට යොදන මෙන් සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ගෙන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලීමක් කළ බවද ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

වෘත්තීය සමිති ඉල්ලීම් පසෙකලා එදිනට නියමිත පරිදි වාර විභාග පැවැත්වුවහොත් විභාග සම්බන්ධයෙන් මතුවන ගැටලුකාරී තත්ත්වයන්ට පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වගනොකියන බව ද එම සන්ධානය කියයි.

මේ අතර, ලබන 12 වන දා වැඩ වර්ජනයක නිරත වන බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අධ්‍යාපන ලේකම් නාලක කලුවැවට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

ලංකා ගුරු සංගමයේ ජෝසෆ් ස්ටාලින්, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ යල්වෙල පඤ්ඤාසේකර හිමි, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ මොහාන් පරාක්‍රම වීරසිංහ, ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ සුගීෂ්වර විමලරත්න, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ජගත් ආනන්ද සිල්වා, ලංකා ප්‍රගති ගුරු සංගමයේ මයුර සේනානායක, ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ නාලක ද සිල්වා සහ ලංකා අධ්‍යාපන සේවක සංගමයේ පී.එම්. පුංචිහෙට්ටි මෙම ලිපියට අස්සන් කර ඇත.

එසේ ම, ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය, කඳුරට ගුරු පෙරමුණ, ගුරු විමුක්ති පෙරමුණ සහ වතු ගුරු සංගමය මෙම වැඩ වර්ජනයට සහාය පළ කරන බවට දැනුම් දී තිබේ.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!