අයහපත් කාලගුණය නිසා පීඩාවට පත් විදේශිකයන්ට විශේෂ වීසා පහසුකම්

0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ විදේශීය ජාතිකයින් සඳහා විශේෂ වීසා පහසුකම් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව, අදාළ වීසා පහසුකම් පහතින් දැක්වේ.

ගුවන් යානා අවලංගු වීම හා ගමනා ගමන දුෂ්කරතා නිසාවෙන් රටින් පිටවීමට නොහැකිව වීසා අවසන් වූ විදේශීය සංචාරකයින් සඳහා ඊයේ (නොවැ. 28) සිට ඉදිරි දින 7 ක් දක්වා කාලයක් සදහා දඩ හෝ විසා ගාස්තුවකින් තොරව ගුවන් තොටුපළවලින් පිටවීමට අවස්ථාව සැලසීම.
මේ වන විට ශ්‍රී ලංකාව තුල රුදී සිටින කෙටි කාලීන හෝ දිගු කාලීන විසා අවසන්ව තව දුරටත් විසා කාලය දිගු කරගැනීමට බලාපොරොත්තුවන විදේශිකයින් සඳහා ඊයේ (නොවැ. 28) දින සිට ඉදිරියට දින 07 ක කාලයක් සදහා දඩ අයකිරීමකින් තොරව වීසා දීර්ඝ කරගැනීම සදහා සහන කාලයක් ලබා දීම.
කෙටි කාලීන සංචාරක වීසා බලපත්‍ර දීර්ඝ කිරීම ආගමන විගමන දෙපාර්‌තමේන්තුවේ https://eservices.immigration.gov.lk/vs/login.php මාර්ගගත ද්වාරය හරහා සිදු කළ හැක.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!