මුළු දිවයිනට බලපැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා පවසයි.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
හදිසි අවස්ථා තත්ත්වය යනු කුමක්ද ?
හදිසි තත්ත්වයක් යනු ජන ජීවිතයේ සුවිශේෂී තර්ජනයක්, අනතුරක් හෝ ව්‍යසනයක් ඇති වන අවස්ථාවක, රටේ පැවැත්ම පවත්වාගෙන යාමට, තර්ජනයට මුහුණ දීම සඳහා සාමාන්‍ය කාලවලදී රජයට අවසර නොදෙන ඇතැම් මූලික අයිතිවාසිකම් සීමා කිරීමේ බලතල ඇතුළුව අසාමාන්‍ය බලතල ලබා දීමේ අවස්ථාවකි.ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හදිසි තත්ත්වයක් පිළිබඳ විධිමත් නිර්වචනයක් සපයා නැතත්,ඒ වෙනුවට හදිසි බලතල අවශ්‍ය වීමට හේතු විය හැකි කොන්දේසි මහජන ආරක්ෂක ආඥාපනතෙහි විස්තර කෙරේ.
ජනාධිපතිවරයා විසින් හදිසි තත්වයක් පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළ හැකි අතර එහිදී, "මහජන හදිසි තත්වයක් පැවතීම හෝ අත්‍යාසන්න බව සැලකිල්ලට ගනිමින්, "මහජන ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම හෝ ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා එසේ කිරීම සුදුසු බව ඔහු අදහස් කරන විට" හදිසි තත්වයක් පිළිබඳ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ හැකිය.
Under the courtesy of bbc.com/sinhala