අද උදෑසන වන විට මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 400 ඉක්මවා වැසි වාර්තා වී ඇති අතර ගම්මඩුව ප්‍රදේශයට වාර්තා වී ඇති වර්ෂාපතනය මි.මී. 578ක් ලෙස සටහන්ව තිබෙනවා. එහි කන්දේනුවර ප්‍රදේශයට මි.මී. 426ක වර්ෂාපතනයක් සහ හෙට්ටිපොළ ප්‍රදේශයට මි.මී. 248ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
දිවයිනට බලපා ඇති කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 12,313ක පුද්ගලයින් 43,991ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ දක්වා පුද්ගල මරණ 56ක්, පුද්ගල අතුරුදන්වීම් 21ක් සහ තුවාල ලැබූ 14 දෙනෙක් වර්තා වී තිබෙනවා.
මේ අතර අද උදෑසන වන විට මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 400 ඉක්මවා වැසි වාර්තා වී ඇති අතර ගම්මඩුව ප්‍රදේශයට වාර්තා වී ඇති වර්ෂාපතනය මි.මී. 578ක් ලෙස සටහන්ව තිබෙනවා.
එහි කන්දේනුවර ප්‍රදේශයට මි.මී. 426ක වර්ෂාපතනයක් සහ හෙට්ටිපොළ ප්‍රදේශයට මි.මී. 248ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ මාරස්සන ප්‍රදේශයට මි.මී. 412ක්, නිල්අඹේ මි.මීටර් 411ක්, දුන්හිඳ මි.මී. 287ක්, ගලහා මි.මී. 160ක්, හිඳගල මි.මී. 316ක්, කටුගස්තොට මි.මී. 244ක්, මැණික්දිවෙල මි.මී. 294ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.
දෝතළුව ප්‍රදේශයට මි.මී. 381ක්, කිතුල්ගලට මි.මී. 215ක් සහ කොටවැල්ල ප්‍රදේශයට මි.මී. 224ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
Under the courtesy of bbc.com/sinhala