ආපදා මරණ 123ක් දක්වා ඉහළට: 130ක් අතුරුදන්

0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 123 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, පුද්ගලයන් 130 දෙනෙකු අතුරුදන් වී බව ය.

පුත්තලම, බදුල්ල, මොණරාගල, කොළඹ, ගම්පහ, අම්පාර, මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව හා කෑගල්ල යන දිස්ත්‍රික්ක වැඩි වශයෙන් ආපදාවට ලක්ව ඇත.

මේ වන විට පවුල් 102,877කට අයත් පුද්ගලයින් 373,428 දෙනෙකු විපතට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

වවුනියාව දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වයේ අඩුවීමක් සිදුව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කෙසේ වෙතත්, එම මධ්‍යස්ථානය පවසන්නේ, ජලගැලීම් තවදුරටත් පවතිනු ඇති බව ය.

වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 1228කට අයත් පුද්ගලයින් 4158 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ඉන් පවුල් 367කට අයත් පුද්ගලයින් 1279 දෙනෙකු දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත තාවකාලික රැඳවුම් ස්ථාන 18ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!