දේශබන්දුගේ පෙත්සම ඉවතට: වහා ම අත්අඩංගුවට ගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක්

0
2023 වසරේදී වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (මාර්තු 17) නියෝග කර තිබේ.

මෙම නියෝගය ලබා දී ඇත්තේ, වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායකගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරනු ලැබ ඇත.

ඔහු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මාර්තු 12 වන දා අභියාචනාධීකරණය හමුවේ සලකා බැලිණි.

2023 දෙසැම්බර් 31 වන දා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වන දා වරෙන්තු නිකුත් කළේ ය.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!