ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වී 13කට තුවාල

0
හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක සහ වෙළෙඳසැලක ගැටි අනතුරක් සිදුව තිබේ.

අද (මාර්තු 17) උදෑසන 5:10ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇත.

පිරිමි පුද්ගලයන් 10ක් සහ කාන්තාව 3 දෙනෙකු තුවාල ලබා ඇති බව ත් ඒ අතරින් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බව ත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

තුවාල ලැබූ පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු සහ එක් කාන්තාවක මුන්දලම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

තවත් පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

ආරච්චිකට්ටුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!