අනුරාධපුර රෝහලේ සිද්ධිය: සැකකරු තවදුරට ත් රිමාන්ඩ්

0
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලිංගික අපයෝජනය කළ බවට අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු 24 වන දා දක්වා තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු යුද හමුදා සෙබළෙකු මෙන් ම චීවරධාරියෙකි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදී ම මාර්තු 10 වන දා බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ බවට මෙම සැකකරු මාර්තු 12 වන දා අත්අඩංගුවට ගැනිණි.

සැකපිට අත්අඩංගුවට ගත් මොහු අධිකරණ නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කළ අතර පසුගිය 14 වන දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (මාර්තු 17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!