දින කිහිපයක පෙර මිය ගිය අඹුසැමි යුවලකගේ සිරුරු හමුවෙයි

0
බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුල දින කිහිපයකට පෙර මියගොස් සිටි අඹුසැමි යුවලකගේ සිරුරු බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් ඊයේ (16දා) දින සොයාගෙන ඇත.

මෙසේ සොයාගනු ලැබුවේ සින්නයියා විජේකුමාර් (39) සහ පෙරුමාල් ගෞරු (37)  යන අයගේ සිරුරුයි.

ඉකුත් (14) දින සිට තම සොහොයුරා සහ ඔහුගේ බිරිද දැකිමට නොසිටි බවත්, ඒ අනුව නිවස විවෘත කර බැලිමේදි නිවස තුලින් දුගන්ධයක් හැමිම නිසා ඒ සම්බන්ධයෙන් විපරම් කිරිමේදි අඹුසැමි යුවල නිදාසිටි ඇද මත මියගොස් සිටි බව මියගිය සින්නයියා විජේකුමාර්ගේ සොහොයුරා විසින් බගවන්තලාව පොලිසියට ප්‍රකාශයක් ලබාදි ඇත.

මරණය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂක නිලධාරින් විසින් නිවස තුලදි වස බොතල් තුනක් සොයාගෙන ඇති අතර, මෙම වස පානය කර සියදිවි හානි කර ගැනිමක් බවට පොලිසිය සැකකරයි.

මියගිය කාන්තාව මිට ප්‍රථම විවාහ වි ඇති කාන්තාවක් බවත්, මරණකාරිණියට අවු 14 හැවිරිදි දියණියක් සිටින අතර, ඇය මියගිය කාන්තාවගේ සොහොයුරිය භාරයේ සිටින බවයි පොලිසිය කියා සිටියේ.

වස පානය කර මියයාමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, මියගිය අඹුසැමි යුවලගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂානය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

මරණය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂාණ ආරම්භ කර ඇත.

Under the courtesy of ada.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!