සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය හෙට (මාර්තු 18) උදෑසන 07:00ට සිට පැය 24ක කාලයක් දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක බව ත් ඒ හේතුවෙන් මෙම වැඩ වර්ජනය පෙර සැලසුම් කර පරිදි ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සම කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ ය.
ඔහු මේ බව පැවසුවේ, මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය මෙලෙස වැඩ වර්ජනය කිරීමට සැලසුම් කර තිබේ.
Under the courtesy of ceylontoday.lk