ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි

0

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ඇය පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පවසති.

ටෙලිනාට්‍ය විශාල සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති සුසන්තා  චන්ද්‍රමාලි මහත්මිය කන්දෙ ගෙදර, චාරුලතා, සුජාතා, වනවදුලේ වසන්තය, ගංගා සහ නිස්සංක, දෙවිනුවර මැණිකේ, මනෝකාය සහ ගිරිකුල ආදී ටෙලිනාට්‍යවලදී කැපී පෙ⁣ණෙන රංගන කෞශල්‍යයක් ප්‍රදර්ශනය කළාය.

චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී ඇති චන්ද්‍රමාලී මහත්මිය සරෝජා, රන්කෙවිට, වීරවර්ණ, වන්ෂොට්, උඩුගං යාමය, ප්‍රවේගය සහ නිදහසේ පියා ඩීඑස් ආදී චිත්‍රපටවලදී කැපී පෙනුණාය.

මිය යන විට ඇය 61 වන වියේ පසු විය.කලක සිට රෝගාතුරුව සිටි එතුමිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය.


ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!