හිටපු ජනාධිපතිවරුන් රට යන්න වියදම් කරලා තියෙන ගාණ මෙන්න

0

හිටපු ජනාධිපතිවරුන් විදෙස් සංචාර සඳහා වැය කළ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදු කළාය.

ඒ, අද (පෙබ. 27) පාර්ලිමේන්තුවේදී ය.

ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රුපියල් මිලියන 3, 572ක්ද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 384ක්ද, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රුපියල් මිලියන 126ක්ද, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුපියල් මිලියන 533ක් විදෙස් ගමන් සඳහා වියදම් කොට ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ඇය වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේ ය.

“විදේශ සංචාර ජනාධිපතිවරු අගමැතිවරු කළ යුතු දෙයක්. නමුත් පහුගිය කාලෙ එය අවභාවිතා කරලා. 2010-2014 දක්වා කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් විදේශ සංචාර සඳහා දරා ඇති වියදම රුපියල් 3572යි. අවුරුදු 4 කට. 2015-2019 දක්වා මෛත්‍රීපාල සිරිපාල ජනාධිපතිවරයා වෙනුවෙන් විදේශ ගමන් සඳහා දරා ඇති මුදල රුපියල් මිලියන 384යි. 2020-2022 දක්වා අවුරුදු දෙකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් විදේශ ගමන් සඳහා දරාඇති මුදල රුපියල් මිලියන 126 යි.සාපේක්ෂව ටිකක් අඩුයි. 2023-2024 කාලෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ විදේශ ගමන් වෙනුවෙන් රුපියල් මිලියන 533 යි. 2024 සැප්තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ විදේශ ගමන් සඳහා දරා ඇති වියදම රුපියල් මිලියන 1.8 යි”

අනුරාධා හේරත් , ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!