‘හැකරුන් ඇද්ද ඩොලර් මිලියන 2.5 නැවත ගන්න උත්සහ කරනවා’- මුදල් අමාත්‍යාංශයේ ලේකම්

0

පරිගණක හැකර්වරුන් අතට පත්වූ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5න් හැකි ප්‍රමාණයක් නැවත ලබා ගැනීමට රජය උත්සහ කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද (අප්‍රේල් 23) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් ය.

මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් ලිපිනය ඔස්සේ හැකර්වරුන් පද්ධතියට ඇතුළු වී ඇති අතර එහිදී ව්‍යාජ තොරතුරු සහිත සාවාද්‍ය ලේඛන සකසා මෙම වංචාව සිදු කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, පසුගිය වසරේ අග භාගයේදී මෙම මූල්‍ය වංචාව සිදු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශන සිදු කරන බවත් ය.

Under the courtesy of ceylontoday.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!