ලෙබනන් ඊශ්‍රායල සටන් විරාමය තවත් දීර්ඝ වෙයි

0

ලෙබනනය සහ ඊශ්‍රායලය අතරේ සටන් විරාමය සති තුනකින් දීර්ඝ කළ බව ඇමෙරිකා ජනාධිපති නිවේදනය කළේය. ඒ, ලෙබනන සහ ඊශ්‍රායල තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (23) දිනයේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ පැවැති සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසය.

සාකච්ඡා සඳහා ධවල මන්දිරයට, ඇමෙරිකාවේ ඊශ්‍රායල තානාපති යෙෂියෙල් ලෙයිටර් සහ ලෙබනන් ඇමෙරිකා තානාපති නාඩා මෝවාඩ් සහභාගී වූහ. සාම සාකච්ඡා මෙහෙයවීම කළේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. 

ඊයේ (23) දිනයේ පැවැත්වූයේ, ඇමෙරිකාවේ ඊශ්‍රායල තානාපති යෙෂියෙල් ලෙයිටර් සහ ලෙබනන් ඇමෙරිකා තානාපති නාඩා මෝවාඩ්ඩගේ සහභාගී වූ දෙවැනි වටයේ සාකච්ඡාය. 

ලෙබනනය සහ ඊශ්‍රායලය අතරේ සාම වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ ඇමෙරිකාවය. පළමු වටයේ සාකච්ඡා පැවැත්වූයේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් (විදෙස් ඇමති) මාර්කෝ රූබියෝගේ ප්‍රධානත්වයෙනි. එය සාර්ථක වූයේ දින 10 ක සටන් විරාමයක් සඳහා කැමැත්ත පළ වීමෙනි. දැන්, එම දින 10 සති තුනක කාලයක් තෙක් දීර්ඝ වී ඇත.

ඊශ්‍රායලය ලෙබනනයට පහර දෙන්නේ, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. හිස්බුල්ලා සන්නද්ධ අංශයකින් සහ දේශපාලන අංශයකින් සමන්විතය. හිස්බුල්ලා දේශපාලන අංශය ලෙබනනයේ ප්‍රධාන දේශපාලන බලවේගයක් ද වෙයි.

හිස්බුල්ලා සන්නද්ධ අංශයට අනුග්‍රහය දක්වන්නේ ඉරානයයි. ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කරන්නේ ඒ නිසාය. 

‘සාකච්ඡා සාර්ථකයි. අප ලෙබනන් රජය සමග ඉන්නවා. ලෙබනන් රජයටත් හිස්බුල්ලා හිසරදයක්. ලෙබනන් රජය හිස්බුල්ලාගෙන් ආරක්ෂා කිරීමට ඇමෙරිකාවේ සහාය ලැබෙනවා’ යැයි සාකච්ඡා අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුව් කියා සිටියේය. සාකච්ඡා සඳහා ඇමෙරිකාවේ සිටින ලෙබනන් සහ ඊශ්‍රායල තානාපතිවරුන් සහභාගී වූවත්, හිස්බුල්ලා සංවිධානයේ නියෝජිතයන් ඊට සහභාගී වූයේ නැත. ඇමෙරිකාව මෙන්ම ඊශ්‍රායලය ද හිස්බුල්ලා සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස නම් කර ඇත.

දින 10 ක සටන් විරාම කාලසීමාව ඇතුළත දී පවා ඊශ්‍රායලය එය උල්ලංඝනය කරමින් ලෙබනනයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කළේය. ඊයේ (23) ධවල මන්දිරයේ සාකච්ඡා පැවැත්වෙද්දී පවා ඊශ්‍රායල හමුදාව ලෙබනනයට ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් සිවිල් වැසියෝ පස් දෙනෙක් මියගිය. ඔවුන් අතරේ අල් ජසීරා මාධ්‍යවේදියකු ද සිටින බව පැවැසෙයි.

‘සාකච්ඡා සාර්ථකයි. අප ලෙබනන් රජය සමග ඉන්නවා. ලෙබනන් රජයටත් හිස්බුල්ලා හිසරදයක්. ලෙබනන් රජය හිස්බුල්ලාගෙන් ආරක්ෂා කිරීමට ඇමෙරිකාවේ සහාය ලැබෙනවා’ යැයි සාකච්ඡා අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුව් කියා සිටියේය. සාකච්ඡා සඳහා ඇමෙරිකාවේ සිටින ලෙබනන් සහ ඊශ්‍රායල තානාපතිවරුන් සහභාගී වූවත්, හිස්බුල්ලා සංවිධානයේ නියෝජිතයන් ඊට සහභාගී වූයේ නැත. 

මීළඟ වටයේ සාකච්ඡා සඳහා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ලෙබනන් ජනාධිපති ජෝසප් එයුන් සහභාගී කරවා ගැනීමට අපේකෂා කරන බව ද සාකච්ඡා අවසන් වීමෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.

ඊයේ (23) පැවැති සාකච්ඡා සඳහා ජේඩි වැන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පමණක් නොව, ඊශ්‍රායලයේ ඇමෙරිකන් තානාපති මයික් හක්බී සහ ලෙබනනයේ ඇමෙරිකන් තානාපති මිචෙල් ඊසා සහභාගී වූ බව පැවැසෙයි.

Under the courtesy of Lankadeepa.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!