ඉරානයේ දින 40 ක ශෝක කාලයක්

0

ඉරානය තම උත්තරීතර නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කරන ලද්දේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය බව ඉරාන රජය නිල වශයෙන් සනාථ කිරීමෙන් අනතුරුවය.

මේ අතර, ඉරානයට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ගය අගයමින් ඉරානයේ අවසන් රජුගේ (ෂා) පුත් රේසා පහ්ලවි විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත. පුත් රේසා පහ්ලවි සිටින්නේ ඉරානයෙන් පිටුවහල් වී විදෙස්ගතවය.

ඉරානය තුළ ක්‍රියාත්මක වූ ඉස්ලාමීය පාලන තන්ත්‍රයට එරෙහිව දැඩි පියවර ගැනීම පිළිබඳව තමන් ජනාධිපති ට්‍රම්ප්ට කෘතඥතාව පළ කරන බවත්, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයත් සමඟ ඉරානය තුළ ඇති විය හැකි දේශපාලන රික්තය වැළැක්වීම තමන් සංක්‍රාන්ති සැලසුමක් ඉදිරිපත් කිරීමට සූදානම් බවත් රේසා පහ්ලවි පවසා ඇත.

Under the courtesy of ceylontoday.lk
sssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!