කෝටි 3 කට වඩා වටිනා පොඩි ලැසීගේ සුවිසල් නිවසක් රජයට ගනී

0

පාතාල කල්ලි නායක පොඩි ලැසී විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයාගත් බව කියන රුපියල් කෝටි 3 කට අධික වටිනාකමෙන් යුත් කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ පිහිටි දෙමහල් සුවිසල් නිවසක් නීතිවිරෝධී වත්කම් සහ දේපොළ විමර්ශන පොලිස් ඒකකය මගින් රජයට පවරාගෙන ඇත. සිය මිත්තණියගේ නමට මිලදී ගෙන ඇති මෙම සුවිසල් නිවස පසුව පොඩි ලැසීගේ නමට පවරා ඇති බව විමර්ශනවලින් හෙළි විය.

මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පොඩි ලැසීගේ මිත්තණියට එවැනි නිවසක් මිලදී ගැනීමට ශක්තියක් නොමැති වූ බවයි.

මෙම නිවස පොඩි ලැසී විසින් මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් මුදල් වැයකර මිලදී ගෙන තිබෙන බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම වත්කම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රාජසන්තක කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවැසීය.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් පොඩි ලැසී පසුගියදා යළි ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.

Under the courtesy of divaina.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!