ඇමරිකානු තෙල් නැවකට ඉරානය පහර දෙයි

0
ඇමෙරිකානු තෙල් ප්‍රවාහන නෞකාවකට පහර දුන් බව ඉරාන හමුදාව පවසයි. කුවේටය අසල මුහුදේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන බව වාර්තාවේ. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලට පහර දෙන බව මීට පෙර ඉරාන හමුදාව තර්ජනය කර තිබිණි. ඇමෙරිකානු තෙල් නැවක් ප්‍රහාරයට ලක්ව ඇති බව බි්‍රතාන්‍ය වාර්තා ඔස්සේ ද තහවුරු කර තිබිණි.


හෝමූස් සමුද්‍ර සන්ධියේ අනතුරුදායක බව හේතුවෙන් නාවිකයින් 20,000 ක් පමණ සිරවී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පවසයි.

පසුගිය සෙනසුරාදා (28දා) සිට බදාදා (04දා) දක්වා ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන ඉලක්ක වෙත බෝම්බ පන්දහසක් පතිත කර තිබෙන බව එරට මාධ්‍ය කියයි. එසේම තව සති දෙකක් ඉරානයට එරෙහිව ගුවන් මෙහෙයුම් සිදුකිරීමට ඊශ්‍රායල් හමුදාව සූදානමින් සිටියි.

මේ අතර ඊශ්‍රායලය සහ ඇමරිකාව ඉස්ලාමීය ජනරජයේ පාලන තන්ත්‍ර වෙනසක් කිරීමට උත්සාහ කළහොත් ඉරාන හමුදා ඊශ්‍රායලයේ ඩිමෝනා හි පිහිටි න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනු ඇති බව ඉරාන හමුදා නිලධාරියකු උපුටා දක්වමින් එරට ප්‍රවෘත්ති ඒජන්සියක් වාර්තා කර තිබිණි.

ඉරානය ඊශ්‍රායලය දෙසට තවත් මිසයිල ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි. ජෙරුසලමේ පිපිරීම් ශබ්ද ඇසුණු බව වාර්තා වේ. ඊයේ යුද්ධයේ හයවෙනි දිනටත් දෙපාර්ශ්වය ඔවුනොවුන්ට එරෙහිව දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටියහ. කුවේටයේ ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය බවට විශ්වාස කෙරෙන තවත් හමුදා භටයන් දෙදෙනකුගේ සිරුරු ඇමෙරිකානු හමුදාව විසින් හඳුනා ගනු ලැබ තිබේ.

ඉරානය තුළ තවදුරටත් හමුදා ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති හැකියාව සීමා කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට ඇමෙරිකා සෙනෙට් සභාව අසමත් විය.

එම යෝජනාව සඳහා සෙනෙට් සභිකයින් පක්ෂව ඡන්ද 47 ක්ද විරුද්ධව ඡන්ද 53ක් ද ලෙස ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ඉකුත් බදාදා (04දා) පෙන්ටගනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් “ඇමෙරිකාව තීරණාත්මකව, විනාශකාරී ලෙස සහ අනුකම්පාව විරහිතව ජයග්‍රහණය කරමින් සිටිනවා” යැයි ප්‍රකාශ කර තිබිණි. ඉරාන නැව් 20කට වැඩි සංඛ්‍යාවකට ‘පහර දී හෝ ගිල්වා දැමූ’ බව ද ඇමරිකාව පවසයි. මියගිය ඇමරිකානු සොල්දාදුවන් සිව් දෙනකුගේ ඡායාරූප ද එරට ආරක්ෂක අංශ විසින් නිකුත් කර ඇත.

Under the courtesy of divaina.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!