කතානායකවරයා ගැන අල්ලස් කොමිසමෙන් සිදුකරන පරික්ෂණවලට බාධා වෙන ආකාරයට ඔහුගේ පෞද්ගලික ලේකම් පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමියට ලිපියකින් යම් යම් තොරතුරු ලබා ගැනීමට කටයුතු කිරීමට එරෙහිව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අද (පෙබ. 11) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් සිදු කළේ ය.
මුජිබර් රහුමාන්, චමින්ද විජේසිරි සහ එස්. එම්. මරික්කාර් යන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම පැමිණිල්ල භාර දෙන අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සඳහන් කළේ, කතානායකවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන්නේ ඉතිහාසයේ පළමු වරට බව ය.
ඒ අනුව, කතානායකවරයා ගැන අල්ලස් කොමිසමෙන් සිදුකරන පරික්ෂණවලට බාධා වෙන ආකාරයට කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් කටයතු කර තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ල ඔස්සේ අල්ලස් කොමිසමට පෙන්වා දී තිබේ.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙසේ ද පැවසීය.
“පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට ඉදිරිපත් කළ ලිපිය පාර්ලිමේන්තුවේදී මා පසුගිය සතියේදී සභාගත කළා. කතානායකට එරෙහි චෝදනාවලට පරික්ෂණයක් ක්‍රියාත්මක වෙනවා කියලා අල්ලස් කොමිසමෙන් දැනගන්න ලැබුණා. එය ක්‍රියාත්මක වන අවස්ථාවේදී 2023 අංක 9 දරණ දූෂණ විරෝදී පනතේ 1 වන පරිච්ඡේදයේ 3,5 වගන්තිය යටතේ 125 හා 127 යන වගන්තියට අනුව කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති අවස්ථාවක එහි පැමිණිල්ලේ චෝදනා ලද අය විසින්ම වාර්තා කැඳවීමට කටයුතු කිරීම කොමිෂන් සභාවේ කටයුතුවලට බාදා කිරීමක් මෙන්ම පරික්ෂණ කටයුතුවලට බලපෑම් කිරීමක් බව අප විශ්වාස කරනවා.”
Under the courtesy of ceylontoday.lk