කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

0

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු 10 දෙනා ජනවාරි 28 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝණය කරමින් ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරය තුළ අනවසර ඉදිකිරීමක් සිදු කරන බව පවසමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉකුත් වසරේ නොවැම්බර් මස 16 වන දා ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබූ අතර පොලිසිය විසින් එය ඉවත් කිරීමට යෑමේදී ස්වාමීන් වහන්සේ, දායකයන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් උද්ගතව තිබිණි.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!