ස්පාඤ්ඤයේ දුම්රිය දෙකක් ගැටීමෙන් 39ක් මරුට

0

ස්පාඤ්ඤයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඊයේ (ජන. 19) සවස මලාගා සිට මැඩ්රිඩ් බලා ධාවනය වූ දුම්රියක පිලි පැනීමකට ලක්ව අනෙක් මංතීරුවට පෙරලී ගොස් එම මංතීරුවේ ගමන් කළ දුම්රියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව ය.

මෙම අනතුරින් පුද්ගලයින් 122 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව එම මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය තවදුරට ත් පවසන්නේ, ඒ අතරින් පුද්ගලයන් 11 දෙනෙකු සහ එක් දරුවෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ය.

පීලි පැනීමට ලක් වූ අධිවේගී දුම්රියේ මගීන් සහ කාර්ය මණ්ඩලය 300ක් පමණ සිට ඇති බව ත් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි දුම්රියේ මගීන් 100ක් පමණ මගීන් ගමන් කර තිබේ.

දුම්රිය පීලි පැනීමට හේතුව තවමත් පැහැදිලි නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්පාඤ්ඤ ප්‍රවාහන අමාත්‍යවරයා පවසන්නේ, මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ත් පසුගිය දශකය කාලය තුළ රටේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුර මෙය බව ත් ය.

මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ඔහු වැඩිදුරට ත් සඳහන් කර ඇත.

ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!