වසර 11කටම ළමා පැමිණිලි විමර්ශනය සියයට 43යි

0

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පසුගිය වසර එකොළහමාරේදී (2014 – සිට 2025 අප්‍රේල් 30) ළමා අපචාර සම්බන්ධයෙන් පැමිණිලි එක්ලක්ෂ හත්දහස් හයසියහැටතුනක් (107,663) ලැබී තිබුණ ද එම පැමිණිලිවලින් සියයට 43ක විමර්ශන කටයුතු අවසන් කර නොතිබූ බව අනාවරණය වී ඇත.

ඒ අනුව ලැබී තිබූ පැමිණිලිවලින් පැමිණිලි 46,813ක විමර්ශන කටයුතු අවසන් කර නොතිබුණි.

මේ හේතුවෙන් ළමා අපචාරවලට ගොදුරුවූවන් ආරක්ෂා කිරීම සහ රැකවරණය සලසා සියලු ආකාරයේ ළමා අපචාරවලට අදාළ නීති ක්‍රියාත්මක කිරීම වැනි අරමුණු කාලීනව ඉටුකිරීමට නොහැකි වී තිබුණි. එමෙන්ම සියලු විමර්ශන නඩුකටයුතුවල ප්‍රගතිය සමාලෝචනය, අපචාර පිළිබඳ පැමිණිලි භාරගැනීම හා නීති බලධාරීන් වෙත යොමුකිරීම වැනි අරමුණු කාලීනව ඉටුකිරීමට නොහැකි වී තිබුණි.

විගණකාධිපතිවරයා විසින් 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

Under the courtesy of divaina.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!