ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහගේ උපදෙස් පරිදි මෙම විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ගුවන් හමුදාව සඳහන් කළේ ය.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ප්‍රජාවට ආහාර ද්‍රව්‍ය බෙදා දිමේ මෙහෙයුම්වල නිරතව සිටි බෙල් 212 හෙලිකොප්ටර් යානය ඊයේ (නොවැ. 30) සවස ලුණුවිල පාලම අසල හදිසි ගොඩබෑමක් සිදු කරන ලදී.
මෙම සිද්ධිය වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු යානය තුළ සිට තිබිණි.
ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව, මෙම අනතුරට මුහුණ දුන් යානය තුළ සිටි ගුවන් හමුදා සාමාජිකයින් සියලුදෙනා කඩිනමින් මුදාගෙන රෝහල්ගත කෙරිණි.
කෙසේ වෙතත්, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ගුවන් නියමු විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ජිවිතක්ෂයට පත් විය.
මෙලෙස මිය ගොස් ඇත්තේ, 41 හැවිරිදි වියේ පසු වූ ගුවන් පැය 3,000 වැඩි ප්‍රමාණයක් සම්පුර්ණ කර තිබු පළපුරුදු ගුවන් නියමුවෙකු බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ ය.
අනතුරින් තුවාල ලැබූ සහය නියමුවා සහ ගුවන් හමුදා සාමාජිකයන් තිදෙනා මේ වනවිට මාරවිල මූලික රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබයි.
Under the courtesy of ceylontoday.lk