අද වන විට අතුරුදන් වෙලා තියෙනවා 14 දෙනෙක්. හරිම කණගාටුයි.
වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව බදුල්ලෙන් වාර්තා වෙනවා. ඒ සංඛ්‍යාව 19 ක්. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියන විදියට පසුගිය 17 වැනිදා ඉඳලා අද දක්වා තමයි මේ මරණ වාර්තා වෙලා තියෙන්නේ.
පස් කඳු කඩා වැටීම් ඇතුළු විවිධ ආපදා වලින් දෙනා දස දෙනෙකු තුවාල ලැබ තියෙනවා.
මේ අධික වැසි සහිත කාලගුණයෙන් බලපෑම් එල්ලවෙලා තියෙන දිස්ත්‍රික්ක 17 ක්. පවුල් 1,158 කින් පුද්ගලයින් 4,008 ක් පීඩාවට පත් වෙලා ඉන්නවා. නිවාස 3 ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. අර්ධ හානි වෙලා තියෙන නිවාස ගණන 381 ක්.
සුරක්ෂිත මධ්‍යස්ථාන 5 කින් දැන් පුද්ගලයින් 131 දෙනෙක් රඳවා ගෙන ඉන්නවා.
අනේ, යම් ආපදා තත්ත්වයක් ගැන තොරතුරු තියෙනවා නම් 117 දුරකථන අංකයට දැනුම් දෙන්න කියලා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට කියනවා.
ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහත්තයා වොයිස්කට් වැඩසටහනට කතා කරපු එක මෙන්න.
දැන් බලන්න වැස්සේ තත්ත්වය කොහොමද කියලා:
අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මඩකලපුව රූගම් ප්‍රදේශයෙන් වාර්තා වුණා. මිලිමීටර් 300.1 ක් වැහැලා තියෙනවා
හෙට්ටිපොල, මහදෝව, කන්දකැටිය, හබරණ ප්‍රදේශවලට ගත වූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවන තද වැස්සක් ඇද හැලිලා තියෙනවා.
අධික වැසි සහිත කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වෙලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයට.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 5 ක් වාර්තා වෙනවා කියලා දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය කියනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 482 කින් පුද්ගලයින් 1,550 ක් පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවර්ධන මහතා සඳහන් කරනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 61 කින් පුද්ගලයින් 229 දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චමින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා.
මේ තත්ත්වය නිසා අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද, හෙට සහ අනිද්දා නොපවත්වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මහවැලි, කළු, ගිං, නිල්වලා ඇතුළු ගංගා ගොඩක් දැන් ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන තියෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා කියනවා පහත්බිම්වල ජනතාව ඒ ගැන දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව.
පස් කඳු සහ ගස් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයටත් බාධා මතු වෙලා තියෙනවා.
පවතින අධික වැස්ස නිසා දිස්ත්‍රික්ක 7 කට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තියෙනවා. බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගොඩක් ඒ අතරට ඇතුළත් වෙනවා.
දැන් අනාගත අපේක්ෂාව:
උතුරුමැද සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අද මිලිමීටර් 200 ට වැඩි තද වැස්සක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා.
උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ට වැඩි තද වැස්සක් ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද මිලිමීටර් 100 ට වැඩි තද වැස්සක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ හැම දේම වෙන්නේ දිවයිනට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම නිසා. ඉදිරි පැය 12 තුළ එය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවත් තීව්‍ර වීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා.
මේ බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60-70 පමණ ඉතා තද සුළං ද ඇති විය හැකියි.
ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න
