ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා මාර්තු මස 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (පෙබ. 21) නියෝග කර තිබේ.
ඊට අමතරව, වෙඩික්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරා පොලිසිය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා ය.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.
පෙබරවාරි 19 වන දා පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව කොළඹ අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී වෙඩි තබා ඝාතනය කළේ ය.
Under the courtesy of ceylontoday.lk