පිලිපීනයේ නගරයක් ඩෙංගු මර්දනයට මුදල් බෙදයි

0
ඩෙංගු පැතිරීම මැඩලීමේ අරමුණින් පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි ගම්මානයක බලධාරීන් මදුරුවන් හා මදුරු කීටයන් අල්ලා භාර දෙන ගම්වැසියන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන ඇත.

මේ යටතේ මැනිලා නගරයේ ඇඩිෂන් හිල්ස් ගම්මානයේ මදුරුවන් හා මදුරු කීටයන් පස් දෙනකු අල්ලා භාර දෙන ගම්වැසියකුට පිලිපීන පේසෝ එක බැගින් ලබාදීමට බලධාරීන් කටයුතු යොදා ඇත. මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ දිනයේම මදුරුවන් හා මදුරු කීටයන් බහාලූ ප්ලාස්ටික් කෝප්ප රැගත් ගම්වැසියන් විශාල පිරිසක් සිය මුදල් ත්‍යාගය ලබා ගැනීම සඳහා පෝලිම් ගැසී සිටි බව විදෙස් මාධ්‍ය කියයි. මෙම වැඩ පිළිවෙළ යටතේ මදුරු කීටයන් 45ක් අල්ලාගෙන පැමිණි අයකුට පිලිපීන පේසෝ 9 ක් ලබා දීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. මෙසේ ඇඩිෂන් හිල්ස් ගම්මානයේ වැසියන් විසින් අල්ලාගෙන පැමිණෙන මදුරුවන් හා මදුරු කීටයන් පාරජම්බුල කිරණ සහිත උපාංගයක් යොදාගෙන විනාශ කිරීමට බලධාරීන් කටයුතු කරන බව වාර්තා වේ. පිලිපීනයේ ප්‍රදේශ නවයක මෙම දිනවල ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන අතර වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන ක්විසෝන් නගරයෙන් මෙම වසරේදී ඩෙංගු මරණ 10 ක් වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගය මැඬලීම සඳහා ඇඩිෂන් හිල්ස් ගම්මානයේ ගම්වැසියන් මුදල් ත්‍යාග වෙනුවෙන් මදුරුවන් ඇල්ලීමට පෙළඹවීම යහපත් ප්‍රතිපල ගෙන දේවිදැයි ප්‍රශ්න කර ඇති ඇතැම් සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන් මේ හරහා ලාභ ඉපයීමේ අරමුණින් මදුරුවන් වගා කිරීමේ ගොවිපොළවල් බිහි විය හැකි බවට ද අනතුරු අඟවා තිබේ. කෙසේ වුවද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත්තේ ඩෙංගු රෝගය මැඬලීමේ අරමුණින් පමණක් බවත් එහි කිසිදු වැරදි චේතනාවක් නොමැති බවත් ඇඩිෂන් හිල්ස් ගම්මානයේ බලධාරීන් එම චෝදනාවලට පිළිතුරු වශයෙන් පවසා තිබේ.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!