මොරටුව සෙබෙස්තියන් ක්‍රීඩකයෙකුගෙන් විශිෂ්ට ඉනිමක්

0


මොරටුව ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලයේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන උෂේන් සිල්වා මෙවර තරගාවලියේ පිතිකරුවෙකු ලෙස විශිෂ්ට දස්කම් පෑමට සමත් විය.

ඔහු පසුගිය දා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයීය කණ්ඩායම සමග පැවති තරගයකදී ලකුණු 189ක් රැස් කරමින් සෙබෙස්තියන් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක් හිමි කර දුන්නේ ය.

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත ආනා කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 228ක් රැස් කළේ ය.

එහිදී ශාන්ත ආනා කණ්ඩායම වෙනුවෙන් ඕෂධ කොඩිකාර ලකුණු 50ක් සහ කුෂාන් සුබසිංහ ලකුණු 46ක් රැස් කළහ.

පිළිතුරු වශයෙන් පන්දුවට පහර දුන් සෙබෙස්තියන් කණ්ඩායම අසරණ තත්ත්වයක පසුවෙද්දී පිටියට පිවිසි උෂේන් සිල්වා පන්දු 287කට මුහුණ දෙමින් ලකුණු 189ක් රැස් කිරීමට සමත් විය.

ඊට අමතරව, ෂෙෆාන් ප්‍රනාන්දු ලකුණු 89ක් රැස් කළ අතර, සෙබෙස්තියන් කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 335ක් රැස් කරමින් පළමු ඉනිමේ ජය වාර්තා කළේ ය.

ශාන්ත ආනා කණ්ඩායම දෙවන ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කර සිටියදී තරගය අවසන් කෙරිණි.

 Under the courtesy of ceylontoday.lk

ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!