විදුලි බල මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ යන දෙදෙනා ඉදිරිපත් කර තිබෙන නිර්දේශ 8ක් විෂය භාර ඇමැතිවරයා ක්‍රියාත්මක නොකිරීම නිසා පද්ධතිය බිඳ වැටීම සිදුවූ බව ත් ඇමැතිවරයා ෆේල් බව පිළිගත යුතු බව ත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා පැවසුවේය.
විදුලි පරිභෝජනය අඩු වීම, සුළං බලය හා සූර්ය බලය යන පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලින් පද්ධතියට එකතු කිරීම යන කාරණා 2ත් සමග පසුගිය මාස 3ක පමණ කාලයක සිට පද්ධතියේ අස්ථාවරභාවයක් ගොඩනැඟුණු බව ත් මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.
ඒ පිළිබඳව ඇතිවී තිබූ බරපතළ තත්ත්වය අදාළ පද්ධති පාලනය භාර ඉන්ජිනේරුවන් විසින් විදුලිබල මණ්ඩලයේ ඉහළ බල අධිකාරිය දැනුවත් කර තිබුණු බව ත් කී හෙතෙම 2024 නොවැම්බර් මාසයේ 12 වන දා පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ඇමතිවරයාට මේ ගැන සඳහන් කරමින් ලිපියක් යවා ඇති බව ත් කීය.
පද්ධතිය බරපතළ ලෙස අසමතුලිත තත්ත්වයකට පත්වී තිබෙන බව සඳහන් කරමින් ප්‍රශ්නය විසඳීම සඳහා යෝජනා 8ක් එකී ලිපිය මගින් ඉදිරිපත් කර තිබෙන්නේ ඒ අනුව බවත් මන්ත්‍රිවරයා පැවැසීය.
එම යෝජනා ක්‍රියාත්මක කිරීම හෝ සලකා බැලීම නොකොට ඇමැතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා චෝදනා කළේය.
මේ අනුව විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය හා ඉන්ජිනේරුවන් ඉදිරිපත් කළ යෝජනා 8 ක්‍රියාත්මක කළා නම් පද්ධතිය බිඳවැටෙන්නේ නැති බව ත් එසේ වූවා නම් සිදුවූ බිලියන ගණනක පාඩුව නැතිකර ගැනීමට ඉඩකඩ තිබූ බව ත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අවධාරණය කර කීය.
මේ නිසා අර්බුදය ගැන දැන දැන ම විදුලි බල අමාත්‍යවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ඔහු කීය.
විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වී තිබූ නමුත් එවැනි කිසිවක් නොකර ඇති බව ඔහු කීය.
විදුලි බිඳ වැටීම කල් තියාම දැනගත් එකක් බවත් කිසිම ආකාරයක හදිසි තත්ත්වයක් නිසා වූවක් නොවන බවත් රජය මෙන් ම අමාත්‍යවරයා ද මේ බැරෑරුම් ප්‍රශ්නයට විසඳුම් නොසෙවීම නිසා මෙම ප්‍රශ්නය ඇති වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ‘ඉරිදා මව්බිම‘ සමග වැඩිදුරට ත් සඳහන් කළේ ය.
under the courtesy of ceylontoday.lk