මෙම අන්තර්ජාතික ආයතනයේ මුදල් ලබාගත් බවට වත්මන් අග්‍රාමාත්‍යවරියට ද චෝදනා එල්ල වන නිසා අදාළ තේරීම් කාරක සභාව ඉතා කඩිනමින් පත්කළ යුතු බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අදාළ කරුණු පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් තේරීම්කාරක සභාවක් පත්කළ යුතු බවට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව ද ඒ අනුව එම තේරීම් කාරක සභාව පත්කරනවාද නැද්ද කියා මෙහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කතානායක ජගත් වික්‍රමරත්නගෙන් ප්‍රශ්න කළේ ය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි කළ සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීමට ද තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසට ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගියදා කතානායකවරයාට ලිපියක් යොමුකර තිබිණි.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන අතර හෙළි නොකළ විදේශ අරමුදල් ලබා ගනිමින් සිටින බව ද එම ලිපියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
එවැනි තේරීම් කාරක සභාවක් පත් කරනවා නම් ඊට තම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ද ලබා දෙන බව එම ලිපියෙහි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
Under the courtesy of ceylontoday.lk