ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු ම පාසල් සැප්තැම්බර් 20 වන දා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය අද (සැප්. 9) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, සැප්තැම්බර් 23 වන දා නැවත පාසල් ආරම්භ කරන බව ය.තව ද, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වන දා පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.
එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කළ යුතු බව ය.
එම නිවේදනය පහතින් දැක්වේ.