තානාපතිනිය ‘එපා කියද්දිත් සයිබර් වහල් කලාපයට ලංකාවෙන් තවත් 9ක්’ ගිහිල්ලා

0


ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු ඩුබායි හරහා තායිලන්ත – මියන්මාර සයිබර් වංචා කලාප වෙත අලුතෙන් රැකියා සඳහා ගොස් ඇති බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රභාෂිණී පොන්නම්පෙරුම පවසා ඇත..

රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් කර ‘මියාවඩි’ සයිබර් වංචා කලාපයේ කොටු වූවන් බේරා ගැනීමට වෙහෙසුණත් අවසානයේදී නැවත නැවත මෙසේ වංචනිකයන්ට හසුවී තායිලන්ත රැකියා වෙත ලාංකිකයන් පැමිණීම ගැටලුසහගත බව ත්  තානාපතිවරිය පවසා ඇත.

තායිලන්තයේ පිළිගත් රැකියා නොමැති බව දැනුවත් වන ලෙසත් වංචනිකයන්ට හසුවී ඩුබායි හරහා තායිලන්තය වෙත නොයන ලෙසත් තානාපතිනිය තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියි.

ඩුබායි සිට මිනිස් ජාවාරම කරන අය ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගත යුතුව සිටින අය බව ත් ඔවුන්ට සම්බන්ධ වී වංචනික රැකියා වෙත යොමු නොවිය යුතු බව ත් පවසන තානාපතිවරිය, මෙරට මව්පියන් විරෝධතා කරන වටපිටාවක නැවත නැවත තායිලන්ත වංචනික රැකියාවලට තරුණ අය පිටත් වී යෑම පුදුමසහගත බව ත් කීවාය.

මියන්මාරය හා තායිලන්ත දේශසීමා අතර ‘මියාවඩි’ නමැති ප්‍රදේශයේ මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් සයිබර් අපරාධ හා වංචා කඳවුරක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 50ක් පමණ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි අතර මීට පෙර පසුගිය මාර්තු ශ්‍රමිකයන් අතරින් 8 දෙනෙකු බේරාගෙන ලංකාවට ගෙන්වා ගත්හ.

මෙවර එහි දෙවැනි කණ්ඩායම ලෙස පසුගිය දා 6 වන දා 20 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මියන්මාර රජය, තායිලන්ත රජය, එක්සත් ජාතීන්ට අනුබද්ධ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමග එක්වී ලංකාවට ගෙන්වා ගත්හ.

ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!