පෙබ. 6 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට එම සාමාගම පියවර ගෙන තිබේ.
කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව, එහි නව මිල රුපියල් 4,330ක් දක්වා ඉහළ යනු ඇත.
එමෙන් ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,742කි.