තලංගම, අකුරේගොඩ සුපිරි වෙළෙඳසලක රථ ගාලකදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සහෝදරයන් දෙදෙනා මාර්තු 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් පෙබරවාරි 16 වන දා අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ඊයේ (පෙබ. 18) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරි කළ අතර එහිදී මෙම නියෝගය ලබා දී ඇත.
තව ද, සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (පෙබ. 17) අත්අඩංගුවට ගත් සෙසු සැකකරු පැය 72 ක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ.
Under the courtesy of ceylontoday.lk