සාරා ජෙස්මින් අල්ලන්න විවෘත වරෙන්තු නිකුත් නොකරන්නේ ඇයි?’- මන්ත්‍රී මුජිබූර් ප්‍රශ්න කරයි

0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මෙරටින් පළා ගිය සාරා ජෙස්මින් නැමැත්තිය ජීවතුන් අතර සිටින බව ත් ඇය සොයාගැනීමට ආණ්ඩුව විවෘත වරෙන්තුවක් නිකුත් නොකරන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබූර් රහුමාන් ප්‍රශ්න කළේ ය.

ඒ, අද (ජන. 7) පාර්ලිමේන්තුවේදී ය.

සාරා නැමැත්තිය ඉන්දියාවේ සිටින බවට නලින්ද ජයතිස්ස ඇමතිවරයා පවා විපක්ෂයේ සිටියදී පිළිගත් බව ත් ආණ්ඩුව ඉන්දියාව සමග සමීපව ගනුදෙනු කරන බැවින් ඇය ගැන සෙවීමට දෙරට අතර සාකච්ඡාවක් හෝ නොපැවැත්වුවේ ඇයිදැයි මන්ත්‍රීවරයා නැවත ප්‍රශ්න කළේ ය.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, සාරා ජෙස්මින් මියගියේ නැති බවට යම් යම් තොරතුරු මේ වන විට විමර්ශන ආශ්‍රයෙන් අනාවරණය වී තිබෙන බවත් ඇය සොයා ගෙන්වීමට අවශ්‍ය නම් වරෙන්තුව ගන්න අනාගතේදී කටයුතු කරන බව ත් ය.

එමෙන් ම, ගැඹුරු විමර්ශනයක් බවත් ඇතැම් කාරණා විමර්ශන වලට බාධාවක් බැවින් ඒවා පාර්ලිමේන්තුවට හෙළි කරන්න බලාපොරොත්තු නොවන බව අමාත්‍යවරයා කීය.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!