දිට්වා නිසා මිය ගිය 525කට මරණ සහතික දීලා

0

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගලයන් 525 දෙනෙකුගේ මරණ සහතික මේ වනවිට නිකුත් කර ඇතැයි පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (ජන. 21) පාර්ලිමේන්තුවේදී ය.

තවත් මෘත ශරීර කිහිපයක් මේ දක්වාත් හදුනා ගෙන නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

“තහවුරු කර ගැනීමට ලැබුණු මිය ගිය පුද්ගලයන් 525 දෙනෙකුගේ මරණ සහතික මේ වන විට නිකුත් කරල තියෙනවා. නීතිමය වශයෙන් තහවුරු කර ගැනීමට හැකියාවක් නොමැති වූ සහ ඇතැම් පවුල්වලින් කවුරුත් මෘත ශරීරයේ භාර ගැනීමට ඉදිරිපත් වී නොමැති මෘත ශරීර කිහිපයක් තිබෙනවා”

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!